ශ්‍රී ලංකාවේ නිසි පරිදි ප්‍රමාණවත් ආහාර නොලැබෙන පිරිස( ආහාර අනාරක්ෂිත පිරිස) පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වන විට සියයට 24කින් පමණ ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන කළ 2022 - 23 අධ්‍යනයේදී තොරතුරු හෙළිවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය 
