පෙට්‍රල් සහ ඩීසල් මිල තවත් රු.15කින් 20කින් අඩු කළ හැකි - හිටපු විදුලි බල අමාත්‍ය විජේසේකර මහතා පවසයි.
නොවැම්බර් 01 වැනිදා ද ඉන්ධන මිල සංශෝධනයේදී පෙට්‍රල් සහ ඩීසල් මිල තවත් රු.15කින් 20කින් අඩු කළ හැකි බව හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
එසේ නොමැති නම් තමා සම්බන්ධයෙන් කළ චෝදනා නිවැරදි කළ යුතු බව සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.
”නොවැම්බර් පළමුවැනිදා දැන් නැවත මිල සංශෝධනයක් එන්න තියෙනවා. මම නැවත කියනවා මිල සූත්‍රය අනුව නම් යන්නේ තව රු. 15ක් 20ක් මේ යන මිල ක්‍රමය යටතේ අඩු කරන්න පුළුවන් ඩීසල්වලට පෙට්‍රල් වලට. සුපිරි ඩීසල්වලට එහෙම කරන්න බැහැ. මාස හයකට සැරයක් තමයි ඒ මිල විශාල වශයෙන් වෙනස වෙන්නේ. හැබැයි අපි පහුගිය කාලේ ඇණවුම් කරපුවා තොග තියෙන ඒවා,මිලදී ගත් ඒවායේ ප්‍රතිලාභ මේ මාස තුන හතරේ ජනතාවට ලැබෙනවා ඒ මිල සූත්‍රයම ගියොත්. නැත්නම් ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ කියන්න ඕනේ මෙච්චර කල් අපි කිව්වේ බොරු කංචන විජේසේකරගේ සාක්කුටව යනවා කිව්වෙත් බොරුවට. නැත්නම් කියන්න ඕනේ කංචන විජේසේකරගේ සාක්කුවට යනවා කිව්වේ ඇත්ත දැන් යන්නේ කංචන විජේසේකරගේ සාක්කුවට නෙවෙයි දැන් ඉන්න ඇමතිගේ සාක්කුවට කියල. මොනවහරි දෙකෙන් එකක් කියන්න ඕනේ. දැන් ඉන්න බලශක්ති ඇමති අනුර කුමාර දිසානායක. එක්කෝ දැන් කියපු ගානට අඩු කරලා දෙන්න මට එහෙම ගාණක් ගියානම් මට දඬුවම් කරන්න. එහෙමනැත්නම් කිව්වේ බොරුවක් කියල මහජනතාවට කියන්න.”
Tags
Local News
