රට ගොඩගන්නේ කෙසේද? විවාදය අද
අද (07) ප.ව. 03 සිට ප.ව. 05 දක්වා රට ගොඩගන්නේ කෙසේද? යන මාතෘකාව යටතේ විවාදය පැවැත්වෙන අතර, එක් අපේක්ෂකයෙක් සඳහා ප්‍රශ්න 06 බැගින් ඉදිරිපත් කරන බවත් පැෆරල් සංවිධානය සදහන් කර සිටියේh.
අද දින විවාදය සඳහා, සමගි ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, ස්වාධීන අපේක්ෂක පි.අරියනේත්රන් මහතා, කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් දිලිත් ජයවීර මහතා ද සහභාගි වීමට නියමිතය. මෙම විවාදය සියළුම ප්‍රධාන රූපවාහිනි නාලිකා වලින් සහ සමාජ මාධ්‍ය ජාලා 200 ට අධික සංඛ්‍යාවක සජීවීව විකාශය කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් අදහස් දැක්වූ පැෆරල් සංවිධානය සදහන් කරයි.
පැෆරල් සංවිධානය තවදුරටත් සදහන් කරන ආකාරයට මෙම විවාද මාලාවේ දෙවන හා තෙවන අදියර සැප්තැම්බර් මස 08 සහ 09 යන දිනවලදී පැවැත්වීමටත්, ඒ සඳහා අපේක්ෂකයන් 12 දෙනෙකු සහභාගි වීමට නියමිතය බවත් ප්‍රකාශ කළේය.
