ශානි අබේසේකර අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරයට

ශානි අබේසේකර අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරයට 

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කොන්ත්‍රාත් පදනමට බඳවා ගැනීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබේ. මැතිවරණ කොමිසම ද මෙම පත්කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත. 

ඒ අනුව අද (2024.10.10) දින සිට වසරක කාලයක් එනම් 2025.10.09 වැනිදා දක්වා අදාළ කොන්ත්‍රාත් කාලය බලපැවැත්වේ.

පසුගිය කාලය තුළ රටේ ආන්දෝලනයට තුඩු දුන් අති සංවේදී සිදුවීම් රැසක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන භාරව කටයුතු කළේ ශානි අබේසේකර මහතාය. සියලු අපරාධ සම්බන්ධයෙන් යුක්තිය හා සාධාරණය ඉටුවිය යුතුය යන ස්ථාවරයේ සිටිමින් ඔහු ක්‍රියා කළේය.

මෙම පත්වීම හරහා පසුගිය කාලය තුළ නොවිසදුණු අපරාධමය සිදුවීම් සම්බන්ධයෙන් යුක්තිය හා සාධාරණය ඉටුවීම ගැන සුභවාදී බලාපොරොත්තුවක් ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයි.

Post a Comment

Previous Post Next Post