ජනාධිපතිවරණයෙන් කළකිරී මහ මැතිවරණයට නොයන අනුරාධපුර මහ පුටුවක්...

ජනාධිපතිවරණයෙන් කළකිරී මහ මැතිවරණයට නොයන අනුරාධපුර මහ පුටුවක්...

හිටපු මුදල් රාජය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්  පසුගිය පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවුණද දේශපාලන කටයුතුවල නිරත වෙන බවත් තමන් සම්බන්ධයෙන් විශ්වාසය තැබූ අනුරාධපුර ජනතාව වෙනුවෙන් තමන් තවදුරටත් සේවය කරන බවයි සේමසිංහ මහතාගේ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබේ. 

ප්‍රතිඵලයට වඩා  පොරොන්දු දේශපාලන ජනතාව විශ්වාස කර මහත් පරිශ්‍රමයෙන් ගොඩනැගූ ප්‍රතිපත්තිගරුක දේශපාලන මාවත ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් තමන්ට ඇත්තේ විශාල කම්පනයක් සහ කලකිරීමක් බවද ඔහු සිය නිවේදනයේ දක්වා තිබේ.

ශෙහාන් සේමසිංහ මහතා පසුගිය  ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරමින් කටයුතු කළේය

Post a Comment

Previous Post Next Post