150 වන සංවත්සරයේදී තැපැලට ලැබුණු තෑග්ග...

150 වන සංවත්සරයේදී තැපැලට ලැබුණු  තෑග්ග...

නුවර එළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තු කටයුතු සඳහා පමණක් යොදාගැනීමට තීරණය කළ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. 150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වසර 130ක් පමණ පැරණි නුවර එළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම පරිශ්‍රය සංචාරක කර්මාන්තය සඳහා යොදාගැනීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය තීරණය කර තිබිණි.

“නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පසුගිය කාලයේ බලහත්කාරයෙන් පවරා ගැනීමට තීන්දු ගත්තා. නව රජයේ නව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් අපි වෙන් කරනවා.

ඒක වෙන කාටවත් ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ සියල්ල අපි අත්හිටුවනවා.”

යනුවෙන් අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ද සහභාගී විය. 

Post a Comment

Previous Post Next Post