වන අලියාගේ කේන්තියෙන් රියදුරෙක් මියයයි.
මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියාගේ ගැටුණු වෑන් රථයට සිදුකල පහරදීමෙන් රියදුරු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ 28 හැවිරිදි පොලොන්නරුව, පලුගස්දමන ප්‍රදේශයේ පදිංචිකරුවකු බව බකමූණ පොලීසිය සදහන් කරයි.
බකමූණ - ගිරිතලේ මාර්ගයේ යාය 19 සෝමියල් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබේ. වෑන් රථය වන අලියාගේ ගැටුණු පසුව රථයට පහරදී ඇති අතර, වෑන් රථය යෝද ඇළ දෙසට පෙරලී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බකමූණ පොලීසිය මගින් සිදුකරනු ලබයි.
ප්‍රදේශ වාසීන් පවසන ආකාරයට සවස 5 පමණ වන විට මාර්ගය හරහා අලි ගම්වදින බවයි. මෙසේ පැමිණෙන අලි පසු දින උදෑසන 7 පමණ වන තෙක් ගෙවතු හානි කරමින් සැරිසරන බැවින් පාසැල් දරුවන්ට හා රැකියා සඳහා යන අය ද දැඩි අවදානම් සහගත තත්වයකට මුහුණ දීමට සිදුවන බව සඳහන් කළේය.
Tags
Local News
