2025 දී ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක්..
දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ වර්ග 305ක් ලබාගැනීම සඳහා සෞඛ්‍ය ඇමැතිනී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව දෙවන වරටද ප්‍රතික්ෂේපවීම නිසා 2025 වසර සඳහා රෝහල්වල ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබේ.
2025 වසර සඳහා අවශ්‍ය ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගෙන් මෙතෙක් ලබාගත් ක්‍රමවේදය වෙනස්කරමින් නව ක්‍රමවේදයකට ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තිරණය කර ඇත. නව වැඩපිළිවෙළ යටතේ දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ ලබා ගැනීමේදී 8% මිල අඩු කිරීමක්ද සිදුකර ඇත.
මෙම කැබිනට් පත්‍රිකාව අනුමත නොවීම හේතුවෙන්, ඇතිවිය හැකි ඖෂධ හිගය වලක්වා ගැනීම සඳහා පැරණි ක්‍රමවේදයට හෝ ඖෂධ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුකරමින් සිටින බව සඳහන්.
ඖෂධ නිෂ්පාදකයන් ප්‍රකාශ කරන පරිදි ඖෂධ නිෂ්පාදනය සඳහා මාස තුනකට අධික කාලයක් ගතවන බවත්, අවශ්‍ය ඖෂධ සැපයීම සඳහා දේශීය නිෂ්පාදකයන්ට තොග ඇණවුම් මෙතෙක් ලබා නොදීමත්, නිසා ජනවාරි මාසය වනවිට ඖෂධ සැපයීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවත් අවධාරණය කර සිටී. මේ පිළිබඳව ඖෂධ නිෂ්පාදකයන් සෞඛ්‍ය අමාත්‍යාංශය ද දැනුවත් කර ඇති බව සඳහන්.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම පසුගිය 07 වැනිදා පැවැත්විණි.
