නව රජයේ පළමු රාජ්‍ය තාන්ත්‍රිකයා දිවයිනට.
ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයිෂන්කර් මහතා නිල සංචාරයක් සඳහා අද පෙරවරු 10.15 පමණ කටුනායක ගුවන්තොටුපොලින් දිවයිනට පැමිණ තිබේ. ඔහු සිය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක,අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය,විදේශ කටයු අමාත්‍ය විජිත හේරත් යන අය හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි. විදේශ අමාත්‍ය එස්.ජයිෂන්කර් මහතා නව රජය බලයට පත්වීමෙන් පසු මෙරටට පැමිණි පළමු රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියා වේ.
ඒ මහතා අද සවස 6.00 යළි ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.
Tags
Local News
