පත්කිරීම් කිහිපයකින් පසු අනුර මහනුවරට

 පත්කිරීම් කිහිපයකින් පසු අනුර මහනුවරට 



ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පත්කිරීම් කිහිපයක් සිදුකර තිබෙනවා. ප්‍රධාන වශයෙන්, 

ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පත්කර තිබේ. ඒ මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරීයකු වන අතර, රේගු, ජාත්‍යන්තර වෙළඳාම සහ සංවර්ධන, ආර්ථික විද්‍යාවේ දූෂණ හා අඛණ්ඩතාවය  වැනි පර්යේෂණ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කටයුතු කර ඇත. 

මහජන ආරක්ෂාව අමාත්‍යාංශයේ ලේකම් වරයා ලෙස හිටපු විශ්‍රාමික ජේෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පත්කර තිබේ. ඒ මහතා අද පස්වරුවේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. 

එමෙන්ම, නව ආරක්ෂක ලේකම් වරයා ලෙස විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා පත්කොට තිබේ. 

ඒ වගේම ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් වරයා ලෙස ආනන්ද විජේපාල මහතා පත්කර තිබේ. 

කෙටි දිවුරුම් දීමේ උත්සවයෙන් පසුව මෙම පත්කිරීම් සිදු කර ඇත. ඉන් අනතුරුව ජනාධිපතිවරයා මහනුවරට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසු මල්වතු අස්ගිරි මහා නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගන්නා ලදී. 

Post a Comment

Previous Post Next Post