හිටපු ප්‍රභල අමාත්‍යවරකු අභාවප්‍රාප්ත වෙයි.
කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු සහ හිටපු අමාත්‍ය වරයකු ද වනවා. හිටපු අමාත්‍යවරයා මෙසේ අභාවප්‍රාප්ත වී තිබෙන්නේ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මියයන විට වෙල්ගම මහතා වයස අවුරුදු 74ක් වෙනවා.
වෙල්ගම මහතා 1984 සිට 2000 දක්වා අගලවත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත්, 2007 සිට 2010 දක්වා කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, 2010 වසරේ සිට 2015 මුල් භාගය දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජයන්හි ප්‍රවාහන අමාත්‍යවරයා ධුරයේත් කටයුතු කර තිබෙනවා.
2019 වසරේ ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහාය දීමෙන් පසු පක්ෂයෙන් ඉවත්ව නව ලංකා නිදහස් පක්ෂය නමින් නව පක්ෂයක් ආරම්භ කළ වෙල්ගම මහතා, 2020 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේග සන්ධානයට එක්ව තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වූවාය.
එතුමා වෙනුවෙන් අපගේ බලවත් ශෝකය සහ නිවන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු
Tags
Local News
