නිමල් සිරිපාල එළියට විජිත හේරත් ඇතුලට. ව්‍යවස්ථාදායක සභාවේ වෙනසක්.

 නිමල් සිරිපාල එළියට විජිත හේරත් ඇතුලට. ව්‍යවස්ථාදායක සභාවේ වෙනසක්. 

 

ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සංශෝධනය කර තිබේ. ඒ අනුව හිටපු අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා  මහතා ඉවත්කොට ඇති බව කතානායක වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ. ඒ වෙනුවට ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයා ලෙස පත්කර ඇත්තේ විජිත හේරත් මහතායි.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියද ඊලඟ පාර්ලිමේන්තුව රැස්වනතෙක් කතානායක වරයාගේ මූලිකත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක විය යුතුය. එබැවින් තවදුරටත් ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කරනු ලබයි. එහි සෙසු සාමාජිකයන් වන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අමාත්‍ය විජිත හේරත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු මන්ත්‍රී කබීර් හෂීම්, හිටපු මන්ත්‍රී සාගර කාරියවසම් හා සිවිල් සංවිධාන නියෝජිතයන් වනආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන පිරිසයි.

Post a Comment

Previous Post Next Post