අද සිට වීසා පරණ ක්‍රමයට
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීකයන්ට විශාල ගැටලුවක් වූ වීසා ලබා ගැනීමේ ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම විසදුම් ලබාදුන් බව වත්මන් රජය පවසා සිටී. ඒ අනුව 26 මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක වන පරිදි පැරණි ක්‍රමවේදයට වීසා ලබා ගැනීමට විදේශීකයන්ට හැකි වේ. ඒ වගේම මාර්ග ගත ක්‍රමයටද වීසා ඉල්ලුම් කිරීමට හැකියාව පවතින බව මහජන ආරක්ෂාක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
"වීසා නිකුත් කිරීම VFS ආයතනයට ලබාදීමෙන් ජනතාවට විශාල පීඩාවක් ඇතිවුනා. විශේෂයෙන් ලංකාවට එන විදේශීකයන්ට පහසුවෙන් වීසා ලබා ගැනීම ගැටලුකාරී තත්ත්වයක් මතු වුනා. ඒ නිසා අපේ අමාත්‍යාංශය වහාම මැදිහත් උනා. මේ ගෙනිච්ච පැය 24 ක කාලය තුල අපි සමත් වුණා වීසා ලබා දීම පරණ ක්‍රමයට ක්‍රියාත්මක කරන්න. උසාවියෙන් ලබා දී තිබූ නියෝග වහාම ක්‍රියාත්මක කරලා ඊයේ (25) දවස සහ අද (26) තුල පරණ System එක ක්‍රියාත්මක කරනවා. අද මධ්‍යම රාත්‍රි (26) 12 සිට වීසා පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. Online ක්‍රමය යටතේ වීසා අයදුම් කිරීමට විදේශීකයන්ට දැන් ඉතා පහසුවෙන් කරන්න පුළුවන්. මේ පිළිබඳව නීතිපති වරයාගෙන් උපදෙස් ලබාගත්තා. උසාවි නියෝගයට අනුව වහාම ක්‍රියාත්මක උනා. ඒ වගේම VFS මේක ලබාදීම පිළිබඳව වෝහාරික විගණනයක් කිරීමට අපි කටයුතු කරල තියෙනවා. එම විගණනයෙන් පසු නීතිමය කටයුතු කිරීමට පියවර ගන්නවා." යනුවෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය.
ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරමින් ව්‍යාපාර සහ ආයෝජන ක්ෂේත්‍රයේ අයට පහසුවෙන් වීසා ලබා ගැනීමට හැකියාව පවතින බවයි.
