දිවුරුම් දීමට සියල්ල සූදානම්
![]() |
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමට ජනාධිපති කාර්යාලයේ සියල්ල සූදානම් වී හමාරයි. අග්‍ර විනිශ්චයකාර වරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි. මේ වනවිට විදේශ තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වෙමින් පවතී. ආධාරකරුවන් විශාල පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණෙමින් සිටිති.
