දිවයිනේ සියළුම ප්‍රදේශ වලට ඇදිරි නීතිය
අද දින ( 21) රාත්‍රී 10 සිට හෙට (22) දින පෙ ව 6 දක්වා මුළු දිවයිනට සහ දේශීය ජල තීරයට බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් මගින් නියෝග කර තිබේ.
මේ වනවිට සාමකාමී තත්වයක් ඇති බවත්, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.
