නීතියට අනුකූලත් නෑ.සදාචාර සම්පන්නත් නෑ. මානසික ආබාධිත පුද්ගලයන් නවත්වා ගැනීම ඒ ඒ දේශපාලන පක්ෂ වල වගකීමක්
"මැතිවරණ ප්‍රචාරණ නිහඬ කාලයක් උනාට අපි දකිනවා පක්‍ෂ වලට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලා තුල මිනිසුන් ඇවිස්සෙන දේවල්, ඡායාරූප, පරණ දේවල් නැවත නැවත දානවා. මෙය කෙතරම් සදාචාර සම්පන්න ද? "යි මාධ්‍ය වේදියෙකු විමසුවේය..
එය නීතියට අනුකූලත් නෑ,සදාචාර සම්පන්නත් නෑ. මේ සම්බන්ධයෙන් සදාචාරයක් ඇති පාර්ශවයන් විසින් ඡන්ද දායකයින්ට බලපෑම් වනවානම් ඒ සම්බන්ධයෙන් ඡන්ද දායකයින් තීරණය කරයි. නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට පැමිණිලි කර ඔවුන් සමඟ එක්ව ඊට අදාළ පෝස්ට් ඉවත් කිරීමට කටයුතු කරනවා.
"ඊට වඩා පහසුම දේ තමයි ඔවුන් අනුග්‍රහය දක්වන දේශපාලනඥයන් මැදිහත් වෙලා මේ ඉවත්කිරීම් සිදුකරන එක. එය ඔවුන්ගේ දේශපාලන අනාගතය සඳහා වඩ යහපත් හා ඵලදායී ක්‍රියාවක් වෙනවා. එහෙම නැත්නම් මෙවැනි ආකාරයේ ව්‍යාජ, වෛරී සහගත වැරදි තොරතුරු ජනතාවට ප්‍රචාරය කිරීම තුල කිසියම් ආකාරයක යහපත් රටක් පිළිබඳ බලාපොරොත්තුවක් අපි කාටත් තියාගන්න ලැබෙන්නේ නෑ. මේ වෛරී තත්ත්වයන් වලින් ඉවත් වීමට මෙවැනි මානසික ආබාධිත තත්ත්වයන් ඇති පුද්ගලයන් නවත්වා ගැනීම ඒ ඒ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වල වගකීමක් වෙනවා." යනුවෙන් අද දින (20) පෙරවරුවේ මැතිවරණ කාර්යාලයේ දී ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යයකු අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් ප්‍රකාශ කරන ලදී.
