අවසන් දින ජන රැළි ගැන විස්තර
මැතිවරණ ප්‍රචාරක කටයුතු අදින් (18) අවසන් වන අතර, ප්‍රධාන අපේක්ෂකයන් ජන රැළි ගණනාවක් සංවිධානය කර ඇති බව සඳහන්.
ඒ අනුව,
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හංදියේ දී අද පස්වරුවේ අවසන් ජන රැළිය පැවැත්වීමට නියමිතය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධානත්වයෙන් මොනරාගල, ඇල්පිටිය, අම්බලන්ගොඩ, බේරුවල සහ අවසන් රැළිය මරදාන ටෙක්නිකල් හංදියේ දී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර සහ ගම්පහ දී ජන හමු පැවැත්වෙන අතර අවසන් ජන හමුව නුගේගොඩ දි සංවිධානය කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා පොලීසිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, අවසන් ජන රැළි පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව සඳහන් කර තිබේ.
Tags
news
