ජනාධිපතිවරණය 2024 ප්‍රචාරණ කටයුතු අදින් නිමයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9වන විධායක ජනාධිපති වරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද (18) මධ්‍යම රාත්‍රි 12 අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කරයි.
මැතිවරණය සඳහා නිකුත්කළ මාධ්‍ය උපමානයන්ට අනුව 18 වන දින පැවැත්වෙන අවසන් සියළුම ප්‍රචාරක කටයුතු වල වාර්තා 19 වන දින දහවල් 12 දක්වා පමණක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රචාරය කර අවසන් කළ යුතු බව සඳහන් කරයි. එමෙන්ම, මෙම උපමානයන් සමාජ මාධ්‍ය සඳහා ද අදාළ වන බව මැතිවරණ කොමිෂන් සභාව මගින් වැඩිදුරටත් සඳහන් කළේය.
