තවත් අමාත්‍යාවරු 5 ආණ්ඩුවෙන් ඉවතට
ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍යාවරුන් 05 ක් ආණ්ඩුවේ දැරූ ධූරවලින් ඉවත්කොට ඇතැයි, ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙලෙස ඉවත්කොට ඇති රාජ්‍ය අමාත්‍යවරුන් වන්නේ, රාජ්‍ය අමාත්‍ය ඩි. වී. චානක, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ රාජ්‍ය අමාත්‍යවරියක වන ගීතා කුමාරසිංහ යන මහත්ම මහත්මීන් ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම ඉවත්කිරීම් සිදුකල බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
