කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත නිදහස්

 කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත නිදහස් 

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු තිදෙනෙක් ඇප මත නිදහස් කර තිබේ. ඒ අනුව වෙන්වෙන්ව රුපියල් ලක්ෂ පනහක ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදලක් ඇපයක් මත ඔවුන් තිදෙනා නිදහස් කර තිබෙනවා. අද දින මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් ලෝචනී අබේගුණවර්ධන මහත්මිය මෙම නියෝගය නිකුත් කර තිබේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රෝහල් වෙත ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකාර ඒ මහතා ඇතුළු තිදෙනා මාස 8 ක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේ ය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු තිදෙනා දැඩි මානසික ආතතියකට හා  රෝගී තත්ත්වයකට ලක්ව ඇති බවත්,  එය විශේෂ කරුණක් සේ සලකා දැඩි කොන්දේසි වලට යටත්ව සැකකරුවන් නිදහස් කිරීමට මහෙස්ත්‍රාත්තුමිය නියෝග කර තිබේ.

Post a Comment

Previous Post Next Post