මහ මැතිවරණය 2024 ට දින ගැසට් කරයි

 මහ මැතිවරණය 2024 ට දින ගැසට් කරයි 


ජනාධිපතිවරයා ඉදිරියේ නව අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍ය මණ්ඩලය ඊයේ (24)දිවුරුම් දුන්නේය. අමාත්‍යවරු තිදෙනෙක් යටතේ අමාත්‍යාංශය 15 ගැසට් කර තිබේ. ලෝක ඉතිහාසයේ සකසන ලද කුඩාම කැබිනට් මණ්ඩලය සහිත ආණ්ඩුව මෙය වේ. ඒ වගේම එම අමාත්‍යාංශ සඳහා ලේකම් වරුන් 15 ක් ද පත්කර ඇත. 

කෙටි කාලයක් සඳහා ආණ්ඩුව පවත්වාගෙන යාමට මෙම මූලික ක්‍රියාවලියෙන් පසු ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන ලදී. ඒ, ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත. 

ගැසට් නිවේදනයේ සඳහන් පරිදි 2024 මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම ඔක්තෝබර් 04 දින සිට 11 වන දින දහවල් 12 දක්වා මැතිවරණ කොමිසන් සභාවට බලය පැවරී ඇති අතර ඡන්ද විමසීම නොවැම්බර් 14 දින පැවැත්වීමට නියමිතය. 

මහ මැතිවරණයෙන් තේරී පත්වන මහජන නියෝජිතයන් 225 දැනට පවතින මැතිවරණ ක්‍රමය යටතේ ආසන මට්ටමින් තෝරා පත්කර ගැනීමට නියමිතය. ඒ අනුව තේරී පත්වන නව පාර්ලිමේන්තුව නොවැම්බර් මස 21 දින රැස්වීමට නියමිත බව ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

ඕනෑම අවස්ථාවක මහ මැතිවරණය පැවැත්වීමට හැකි බවත්, ඒ සඳහා රුපියල් බිලියන 11 වැයවන බවත්, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් ප්‍රකාශ කරන ලදී. 



Post a Comment

Previous Post Next Post