ඔබේ ඡන්දය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරීම

 

ඔබේ ඡන්දය හා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරීම



ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය, පාර්ලිමේන්තුව සහ ඒ සඳහා මංත්‍රීවරු තේරී පත්වන ආකාරය ඇත්තේ සවිස්තර වාර්තාවක් BBC  සිංහල වෙබ් අඩවිය පළකර තිබේ. එම සම්පූර්ණ වාර්තාව පහත පරිදි වේ. 

ඔබේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත් වෙන්නේ කොහොම ද?

ඡන්ද බලය ඔබේ මහජන පරමාධිපත්‍යයි. ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පරමාධිපත්‍ය බලය හිමි ය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තියේ දක්වා ඇත්තේ ජනතාවට හිමි පරමාධිපත්‍ය බලයට ඡන්ද බලය ද ඇතුළත් වන බවයි.

එහි 4 (අ) වගන්තියට අනුව ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් ඡන්දයෙන් තෝරා ගන්නා ලද මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවකින් ක්‍රියාවට නැංවිය යුතු ය.

මැතිවරණ අවශ්‍ය ඇයි?

වර්තමානයේ බොහෝ රවල්වල ක්‍රියාත්මක වන්නේ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යි. එහි දී අප විසින් අප වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම සඳහා නිශ්චිත කාලවකවානුවකට ඡන්දයෙන් මහජන නියෝජිතයන් තෝරා පත් කර ගනු ලබයි .

මැතිවරණ එලෙස නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. එමෙන් ම නිසි ආකාරයට කලින් කලට මැතිවරණ පැවැත්වීම රටක ප්‍රජාතන්ත්‍රවාදය තීරණය කරයි.

කලින් කලට මැතිවරණ පැවැත්වීමෙන් වෙනස්වන මහජන මතය ව්‍යවස්ථාදායකය තුළ පිළිබිඹු කරගත හැකියි.

එය බලයේ සුජාතභාවය, එසේත් නැතිනම් තේරී පත්වන මහජන නියෝජිතයන්ට එම බලය දැරීම සඳහා ඇති අයිතිය තහවුරු කරයි. බලයේ සුජාතභාවය රටේ දේශපාලන ස්ථාවරත්වයට සෘජුව බලපෑම් කරයි.

නියෝජිතයන් තෝරා පත් කරගැනීමට පුරවැසියන් මැතිවරණයේ දී සක්‍රීය වීම පුරවැසියන්ගේ දේශපාලන සහභාගීත්වය සහ මැදිහත්වීම ඉහළ නංවයි.

ශ්‍රී ලංකාවට ඡන්ද බලය ලැබීමේ ඉතිහාසය

ශ්‍රී ලංකාවට ඡන්ද බලය ලැබීමේ ඉතිහාසය

Image copyright byGetty Images

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වීම

පළමු වරට ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීම

ලාංකිකයන්ට සීමිත ඡන්ද බලය හිමිවීම

පළමු වරට ඡන්ද කොට්ඨාස හඳුන්වා දීම

නිලලත් නියෝජිතයන්ට වඩා ඡන්දයෙන් පත්වන නියෝජිතයන් සංඛ්‍යාව වැඩි වීම

ලාංකිකයන්ට සර්වජන ඡන්ද බලය හිමි වීම

Image copyright byParliament of Sri Lanka

පාර්ලිමේන්තුව පිහිටුවීම

පළමු වරට සියලු මන්ත්‍රීවරුන් මහජන ඡන්දයෙන් තෝරා ගැනීම

සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දීම

සමානුපාතික නියෝජන ක්‍රමය

1978 දී හඳුන්වා දුන් වර්තමානය දක්වා ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ එතෙක් ව්‍යවස්ථාදායකය තෝරා ගැනීමට භාවිත කළ සරල බහුතර මැතිවරණ ක්‍රමය වෙනුවට සමානුපාතික මැතිවරණ ක්‍රමය හඳුන්වා දෙන ලදි.

මෙතෙක් එක් එක් ඡන්ද කොට්ඨාස මට්ටමින් වැඩිම ඡන්ද ලබා ගන්නා අපේක්ෂකයා ජයග්‍රහණය කළ ක්‍රමය වෙනුවට පක්ෂ විසින් මැතිවරණ කොට්ඨාසය (මැතිවරණ දිස්ත්‍රික්කය) තුළ ලබා ගත් මුළු ඡන්ද සංඛ්‍යාවට අනුපාතයක් ලෙස මන්ත්‍රීධූර බෙදී යාමේ ක්‍රමවේදයක් මෙයින් හඳුන්වා දුන්නේ ය.

එක් එක් පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට අනුපාතිකව මන්ත්‍රීධූර බෙදී යන නිසා සියලු ඡන්දවලට වටිනාකමක් තිබේ. මන්ත්‍රීධූර අනුපාතයක් ලෙස තේරීම නිසා පෙර පැවති ක්‍රමවේදයේ මෙන් විශාල බලයක් සහිත ආණ්ඩු බිහි විම වළක්වාලයි.

1977 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ 6න් 5ක බලයක් ලබා ගත්තේ සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දීමට පළමුව පැවති සරල බහුතර ක්‍රමය යටතේයි.

මැතිවරණ දිස්ත්‍රික්කයක් තුළ මන්ත්‍රීධූරයක් දිනා ගත නොහැකි වුවත්, ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරවලට පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් දිවයිනේ ම ලබා ගත් ඡන්ද සංඛ්‍යාවන් සලකා බලන නිසා කුඩා පක්ෂවලට ද නියෝජනයක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.

ඡන්දදායකයාට සිය ඡන්දය ප්‍රකාශ කර මනාප ප්‍රකාශ කිරීම සඳහා පුළුල් ලැයිස්තුවක් හිමි වීමත් මෙම නියෝජන ක්‍රමයේ දී ඡන්දදායකයන්ට හිමිවන වාසියකි.

කෙසේ නමුත් මෙම ක්‍රමවේදයේ දී අපේක්ෂකයන්ට වඩා පක්ෂයට වැදගත්කමක් ලැබීම නිසා නාමයෝජනා ලබා ගැනීමේ දී සහ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වීමේ දී අපේක්ෂකයන්ට සහ තේරී පත්වන මන්ත්‍රීවරුන්ට අවාසිසහගත වීමේ හැකියාවක් තිබේ.

මන්ත්‍රී ධූර බෙදී යන ආකාරය



මැතිවරණ කොට්ඨාසකට හිමි මන්ත්‍රී ධූර සංඛ්‍යාව තීරණය කිරීම


මැතිවරණ කොට්ඨාසයකට [මැතිවරණ දිස්ත්‍රික්කයකට] හිමි මන්ත්‍රීධූර සංඛ්‍යාව තීරණය කිරීමට අනුගමනය කළ යුතු පියවරයන් කිහිපයක් තිබේ.

ඒ සඳහා පළමුවෙන් ම පරිමිත ඡන්ද සංඛ්‍යාව හෙවත් මන්ත්‍රී ධූරයක් සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව සොයාගත යුතුයි.

දිවයිනේ මුළු ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 160න් බෙදූ විට එන සංඛ්‍යාව 'පරිමිත සංඛ්‍යාව'යි.

එක් එක් දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව එම පරිමිත සංඛ්‍යාවෙන් බෙදා මන්ත්‍රීධූර 160 මැතිවරණ කොට්ඨාස 22ට බෙදා හරියි. නොබෙදී ඉතිරි වූ මන්ත්‍රීධූර නොබෙදුණු වැඩිම ඡන්ද හිමියන් ශේෂයක් සහිත දිස්ත්‍රික්කයට හිමි වේ. යම්හෙයකින් එම ශේෂයන් සමානවන අවස්ථාවක දී කුසපත් ඇදීමකින් මන්ත්‍රීධූරය පිරිනමන දිස්ත්‍රික්කය තීරණය කරයි.

දිස්ත්‍රික්කයේ මුළු මන්ත්‍රීධූර සංඛ්‍යාව තීරණය කරන්නේ එලෙස දිස්ත්‍රික්ක පදනමින් ලැබෙන මන්ත්‍රිධූර සංඛ්‍යාව සහ පළාත් මට්ටමින් එම පළාතේ දිස්ත්‍රික්ක අතර මන්ත්‍රීධූර බෙදී යන සංඛ්‍යාව සමඟ එකතු කිරීමෙන් ය.

ඡන්දය ප්‍රකාශ කිරීම

ඡන්දය ප්‍රකාශ කරන ආකාරය

ඡන්දදායකයාට පක්ෂකයට හෝ ස්වාධීන කණ්ඩායමට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියි.

ඉන්පසු එම පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂකයන් තිදෙනෙකු දක්වා මනාප ලකුණු කළ හැකියි.

අවශ්‍ය නම් මනාප සලකුණු නොකර පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට පමණක් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව ද තිබේ.

ජයග්‍රාහකයින් තේරීම

ඔබේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත් වෙන්නේ කොහොම ද?

ඉන්පසුව මන්ත්‍රී අසුනක් දිනාගැනීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව හෙවත් 'සම්ප්‍රයුක්ත ඡන්ද සංඛ්‍යාව' ගණනය කරයි. ඒ සඳහා දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 5%ට අඩු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල ඡන්ද සංඛ්‍යාව අඩු කර 'අදාල ඡන්ද සංඛ්‍යාව' සොයාගනියි.

එම පියවරයන් පහත පරිදි වේ.

ජයග්‍රාහකයින් තේරීම

වැඩිම ඡන්ද ලබාගත් පිළිවෙළට පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් පෙළගස්වා ඉහත ක්‍රමවේදය යටතේ එක් එක් පාර්ශවයන් දිනාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව තීරණය කිරීම සිදු වේ. මන්ත්‍රී ධූර ඉතිරි නැතිව බෙදෙන්නේ නැති නම් නොබෙදුණු වැඩිම ඡන්ද ශේෂයක් ඇති පක්ෂයට හෝ කණ්ඩායමට එම ආසන හිමි වේ.

නොබෙදුණු අගය සමාන වන්නේ නම් කුසපත් ඇදීමකින් ඉතිරි මන්ත්‍රීධූරය හිමිවන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම තීරණය කරයි.

ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරුන් තෝරාගැනීම

ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරුන් තෝරාගැනීම

ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධූර 29, එක් එක් පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම විසින් දිවයිනෙන් ම හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වේ.

එය බෙදී යන අනුපාතිකය සකස් කරගැනීම සඳහා දිවයිනේ වලංගු මුළු ඡන්ද සංඛ්‍යාව 29න් බෙදීම සිදු කරයි.

වැඩිම ඡන්ද ලබාගත් පිළිවෙළට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පෙළගස්වා ඉහත අගයෙන් බෙදා එක් එක් පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට හිමි වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව තීරණය කරයි.

මෙහි දී ද ඉතිරි නොමැතිව නොබෙදුණු මන්ත්‍රී ධූර සංඛ්‍යාව නොබෙදුණු වැඩිම ඡන්ද අගයක් සහිත කණ්ඩායම් අනුපිළිවෙළට හිමි වේ.

උපරිම ශේෂ සමාන අවස්ථාවක දී කුසපත් ඇදීමෙන් මන්ත්‍රීධූරය හිමිවන්නේ කුමන කණ්ඩායමටදැයි තීරණය කරයි.

උපුටා ගැනීම අවසන්. 

(BBC සිංහල වෙබ් අඩවිය)



 

Post a Comment

Previous Post Next Post