සැකසහිත සුඛෝපභෝගී ජීප් රථයක් කැලණිය ගෝනවල පාර ප්‍රදේශයෙන් හමුවි තිබේ. මෙම රථය කිසියම් පුද්ගලයකු විසින් දමා ගොස් තිබියදී අද (20) දින සොයාගත් බව කැලණිය පොලිසිය පවසයි.
එම ජීප් රථයේ දොරෙහි ගිනි අවියක් සගවා තිබිය දී පොලිසිය සොයාගෙන ඇත. කැලණිය දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.වයි.බී ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි කැලණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේවප්‍රිය මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
Tags
Local News
