මින් ඉදිරියට සංවර්ධන ව්‍යාපෘති අසාර්ථක නම් නිලධාරීන් වගකියුතුයි – අගමැතිනියගෙන් දැඩි තීන්දුවක්

 මින් ඉදිරියට සංවර්ධන ව්‍යාපෘති අසාර්ථක නම් නිලධාරීන් වගකියුතුයි – අගමැතිනියගෙන් දැඩි තීන්දුවක්


අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් හා මුහුණ දෙන ගැටලු පිළිබඳව ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පසුගියදා (09) එම අමාත්‍යංශයේදී පැවැත්විනි. 

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙසේ පැවැසුවාය.

“දේශීය සහ විදේශීය මූල්‍ය ප්‍රතිපාදන යටතේ සිදු කරන රජයේ සියලු සංවර්ධන ව්‍යාපෘතිය වලදී රාජ්‍ය නිලධාරීන් සතු විශේෂඥ දැනුම භාවිත කරමින් අදාළ පාර්ශව සමග යහපත් සංවාදයක් ගොඩනගා ගැනීමේ හැකියාව ඔබ සතු විය යුතුයි. රජය ලෙස අවශ්‍ය මඟ පෙන්වීම අපි සිදු කරනවා. ඒ නිසා එවැනි අවස්ථාවන් වලදී නිරන්තර අදාළ පාර්ශව සමග සාකච්ඡා සිදුකරන්න වග බලා ගන්න. ව්‍යාපෘති සිදු කිරීමේ දී රජයට වාසි සහගත තත්ත්වයක් යටතේ අදාළ සංවර්ධන ව්‍යාපෘතීන් සිදුකිරීමට රාජ්‍ය නිලධාරීන් ලෙස වගකීමක් ඔබට තියෙනවා. මේ ව්‍යාපෘතීන් බොහොමයක් ණය ලෙස ලැබෙන දේවල්. මේ සියල්ල යළි ගෙවීමට සිදුවන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා ව්‍යාපෘති ආරම්භ කිරිමට පෙරාතුව අදාළ සංවර්ධන ව්‍යාපෘතිය රටට යෝග්‍යද නැද්ද යන්න පිළිබඳ මහජන මිත්‍රශීලී හැඟීමෙන් තීරණය කරන්න. එවැනි නිලධාරීන් වෙනුවෙන් අපේ රජය ඕනෑම විටක පෙනී සිටින්න සූදානම්.”

Post a Comment

Previous Post Next Post