නිල ඡන්ද පත්‍රිකා බෙදීමට විශේෂ දිනයක්
හෙට
(08) දින පෙ.ව. 08 සිට
ප.ව. 06 දක්වා ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට කටයුතු කරන බවත්, තම ඡන්ද පත්‍රිකාව
ලබාගැනීමට නිවෙස් වල රැඳී සිටින
ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති වරයා මහජනතාවගේන් ඉල්ලා සිටියහ.
මේ
වනවිට ඡන්ද පත්‍රිකා 30% පමණ බෙදාහැර අවසන් බවත්, සැප්තැම්බර් 14 දින දක්වා නිවසින් නිවසට ගොස් බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවත්, ඒ මහතා වැඩිදුරටත්
සඳහන් කළේය.
