ප්‍රකාශයක් ලබාදීම සදහා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගන තිබේ.
හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී, නීතිවිරෝධී ලෙස එකලස් කර ව්‍යාජ අංක තහඩු යොදා භාවිතා කළ BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ දී ය.
ඔහුට මෙම නීතිවිරෝධී වාහන එකලස් කිරීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස පසුගිය කාලයේ දන්වා තිබුණද ඔහු එය මගහරිමින් සිටියේය.
Tags
Local News
